ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීම් වලදී කාන්තාවන් 2000ක් අත්අඩංගුවට

0
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීම් වලදී කාන්තාවන් 2000ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 2021 වර්ෂය තුලදී (2021-01-01 දින සිට 2021-06-30 වන දින දක්වා) දිවයින පුරා වැටලීම් 19,641 ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම් වලදී අදාළ වරද සම්බන්ධයෙන් පුද්ගලයන් 19,641 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 2,602ක් කාන්තාවන් .

2021 වර්ෂයේ පළමු මාස හය තුලදී මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ ලත් ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කල වැරදි සංඛ්‍යාව 1,103 ක්.

මෙම වැටලීම්/ග්‍රහණ වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවයි.

මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබදව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් 61,809,526.00 ( මිලියන 61 ක් ) දඩ මුදල් ලෙස පනවා තිබෙනවා.

මේ සම්බන්ධ පැමිණිලි සිදු කිරීම පැය 24 පුරා ක්‍රියාත්මක 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 0112 877 882 / 0112 877 688 / 011 209 6679 අංකයන්ට ෆැක්ස් මගින් ද, oiccrime@excise.gov.lk විද්යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීම් 19,000 ඉක්මවයි – කාන්තාවන්