එන්නත් නොගත් අයට බස් ගමන් තහනම්?

0
Bus Passengers - එන්නත් නොගත් අයට බස් ගමන් තහනම්?

ඉදිරියේදී එන්නත්කරණය සම්පූර්ණ කරන ලද පුද්ගලයින්ට පමණක් මගී බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මේ මගින් පළාත් අතර බස් රථ ධාවනය ද සිදුකළ හැකි බවය.

මේ අතර එන්නත් දෙකම ලබාගෙන සිටින පුද්ගලයින්ට බස්රථවල ගමන් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

“එන්නත් දෙකම ලබාගත් එයට මුදල් ගෙවා කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන්න. එය සෞඛ්‍ය අංශය බලධාරීන් විසින් එය ලබාදීමට කටයුතු කරන්නේ නම් වඩාත් හොඳයි. ඒ නිසා අපි යෝජනා කරනවා එම හැඳුනුම්පත කඩිනමින් ම නිකුත් කරන්න කටයුතු කරන්න කියලා. එතකොට සංචරණ සීමා තිබිය දී අත්‍යාවශ්‍ය සේවාවන්ට ප්‍රශ්නයක් නෑ. අපි බස්රථවල ගමන් කරන්න ඉඩකඩ දෙනවා ඒ හැඳුනුම්පත ඉදිරිපත් කරන පුරවැසියන්ට.”