දරුවන්ට කොවිඩ් ආසාදිතවීම ඉහළ යයි

0
Coronavirus for Children - දරුවන්ට කොවිඩ් ආසාදනයවීම ඉහළ යයි
2-3 years old cute child wearing surgical mask. Little boy trying to stay healthy by wearing a mask to protect him against corona virus covid-19 / 2019-nCov. Little boy wearing anti virus mask staying at home

කොවිඩ් ආසාදිතවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේදක්වා වාර්තාවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය .

කොවිඩ් ආසාදිතවූ දරුවන් දස දෙනකු ළමා රෝහලේදී මේදක්වා මියගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය

ළමයින්ට කොවිඩ් ආසාදිතවීම වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කී පෙරේරා මහතා කොරෝනා වැළඳුණු දරුවන් 5 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ලේඩි රිජ්වේ රෝහලින් දිනපතා වාර්තාවන බවද ප්‍රකාශ කළේය .

කොරෝනා ආසාදිතවූ දරුවන් 28දෙනකු ලේඩි රිජ්වේ රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බවත් ඒ පිරිසේ කොරෝනා සහ ඩෙංගු යන රෝග තත්වයන් දෙකම දක්නට ලැබෙන දරුවන් කිහිප දෙනකුද සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය .

කොරෝනා වාට්ටු දෙකෙන් එක් වාට්ටුවක ළමයින් 18 දෙනෙකුද අනෙක් වාට්ටුවේ ළමයින් 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

කොරෝනා නව සැර ප්‍රභේද පැතිර යන මොහොතක තම දරුවන්ගේ සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් වන ලෙසටත් දරුවන් සෙනඟ විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට රැගෙන යෑමෙන් වළකින ලෙසටත් මවුපියන්ගෙන් තමා ඉල්ලීමක් කරන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

එසේම දරුවන් නිවෙස්වලින් බැහැරට රැගෙන යන අවස්ථාවන්හිදී මුව ආවරණයක් නිවැරැදි ආකාරයට පළඳවන ලෙසද ඔහු ඉල්ලීමක් කරයි .