Online ගෙන්වන භාණ්ඩ වලට බද්දක්

0
Online Goods Tax - Online ගෙන්වන භාණ්ඩවලට බද්දක්
අන්තර්ජාලය ඔස්සේ ගෙන්වන භාණ්ඩ වලින් බදු අය කිරීම සඳහා රජයේ අවධානය යොමුවී තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඔන්ලයින් ක්‍රමවේදය මගින් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමට මෙසේ රජය සලකා බලමින් සිටින බවයි.

වෙනත් රටවල පවතින තත්වය පිළිබඳව එහිදී සැලකිල්ලට ලක් කරන බව ද ඒ මහතා පැවැසීය.

පාර්මේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.