ඇතෙකුගේ පහරදීමකට ලක් වු තිදරු මවක් මියගොස්

0
ඇතෙකුගේ පහරදීමකට ලක් වු තිදරු මවක් මියගොස්

සිය නිවසේ සාලයේදී ඇතෙකුගේ පහරදීමකට ලක් වු තිදරු මවක් මියගොස් ඇතැයි මහව පොලිසිය කියයි .

මහව , දළදාගම , උල්ලලපොළ පදිංචිව සිටි පී.එච් .නන්දාවති ( අවුරුදු 47) නමැති මව මෙසේ මරණයට පත්ව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .

පාදෙණිය – අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ දළදාගම හන්දියට ආසන්න අතුරු මාර්ගයක මීටර් 100ක් පමණ දුරකින් ඔවුන්ගේ නිවස පිහිටා තිබෙන බව ද සිද්ධිය වු දා දළ ඇතා ගෙවත්තට කඩා වැදී ඇතැයි පොලිසිය කියයි .

ඇතාගේ ශබ්දය ඇසි නිවැසියන් අවදි වී ඇතාව පලවා හැරිමට උත්සාහ කොට ඇති බවත් ,ඇතා ඒ අවස්ථාවේ අල්ලපු වත්තට ගොස් ඇති බවත් පොලිසිය පවසයි .

මේ තිදරු මවත් ,ඇගේ සැමියා හා ලේලිය මිදුලට පැමිණ ඇතාව පලවා හරිමින් සිටියදී යාබද වත්තට ගිය ඇතා ක්ෂණයෙන් ආපසු හැරි ඔවුන් වෙතට පන්නාගෙන පැමිණ ඇති බවත් ,සැමියා හා ලේලිය කුස්සිය පැත්තේ දොරින් නිවසට ඇතුළු වී ඇති බවත් ,තිදරු මව ඉදිරිපස දොරෙන් ඇතුළු වීමේදී  ඇතාගේ ග්‍රහණයට හසුව මෙලෙස  මියගොස් ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය  වු බව පොලීසිය පවසයි