ඔක්සිජන් නොමැතිව ඉන්දියාවේ රෝහල් 6ක් අර්බුදයක

0
ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රධානපෙළේ රෝහල් 6ක් ඔක්සිජන් නොමැතිකමින් අර්බුදයට පත්ව තිබේ.

ඉන්දීය වෛද්‍යවරුන් පවසන්නේ, අනෙකුත් රෝහල්වල පවතින ඔක්සිජන් මට්ටමද පැය කිහිපයකට පමණක් ප්‍රමාණවත් බවයි.

ඔක්සිජන් නොමැතිකමින් නවදිල්ලි නුවර රෝහල්වල කොවිඩ් රෝගීන් මියයන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, දැඩි සත්කාර ඒකක ද මේ වනවිට පිරී ගොස් ඇති බවයි.

ඉන්දියාව කොවිඩ් දෙවැනි රැල්ලේ දැඩි බලපෑමකට ලක්ව සිටින අතර ලොව දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඊයේ(22) ඉන්දියාවෙන් වාර්තා විය.

ඒ, ගත වූ පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 314,835 ක් ලෙසය.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 16 කට ආසන්නය.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186,928 කි.