ගෑස් සිලින්ඩරේ මිල බස්සයි! රජයෙන් ගැසට්ටුවක්

1
Gas - ගෑස් සිලින්ඩරේ මිල බස්සයි! රජයෙන් ගැසට්ටුවක්

මෙරට ගෑස් අලෙවියේ යෙදෙන ගෑස් සමාගම් විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇති ලීටර් 18ක නව ගෑස් සිලින්ඩරේ මිල අඩු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව එම සිලින්ඩරයක මිල රුපියල් 1150ට අලෙවි කළ යුතුයැයි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළඳ අමාත්‍යාංශය සූදානම් වී සිටී.

එමෙන්ම ගෑස් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට එය ලීටර් වලින් මැනීමට නොහැකි නිසා සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් වලින් සදහන් කිරීමට ද තීරණය වී තිබේ.

මෙම ගෑස් සිලින්ඩරය අඩු බරකින් යුතුව වෙළඳපොළට නිකුත් කිරීමෙන් පාරිභොගිකයන් දැඩි අසීරුතාවයකට පත් වූ අතර සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිල්න්ඩරද දැඩි හිගයක් වෙළඳපොලේ ඇති විය.

ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කර ඇත්තේ මෙම නව හඳුන්වාදීම මඟින් පාරිභෝගිකයන් නොමඟ යැවීමක් සිදු කර ඇති බවයි.