යුරෝ කුසලාන පාපන්දු කිරුළ ඉතාලියට

0
Euro 2020 Winner - යුරෝ කුසලාන පාපන්දු කිරුළ ඉතාලියට

යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය පරදා ඉතාලිය ජය වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා.

මෙලෙස ඉතාලිය තමන් සතුකර ගත්තේ සිය දෙවන යුරෝපා කුසලානයයි.

එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එය මැනවින් සනාථ වුණේ තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කරමින් සම තත්ත්වයේ පසුවීම හේතුවෙන්.

ඒ අනුව මෙවර යූරෝ කුසලානයේ ජයග්‍රාහකයින් තෝරාගන්නට සිදුවුණේ දඬුවම් පහර මඟින්.

එහිදී දඬුවම් පහර තුනට දෙකක් ලෙස සාර්ථක කරගත් ඉතාලිය, එංගලන්තයට සිය කුළුඳුල් යුරෝපා පාපන්දු කුසලානයක් ජයග්‍රහණය කීරීමේ තිබූ බලාපොරොත්තුව සුන්කර දැමුවා.