කොවිඩ් හේතුවෙන් ඉන්දියාවේ ඇතිව තිබෙන ඛේදවාචකය

0

කොවිඩ් ගෝලීය වසංගතය මේ වනවිට වඩාත් ප්‍රබල වී තිබෙන අතර ගෙවුණු දිනයේ ලොව පුරා ආසාදිතයින් 894,099 ක තරම් වැඩි අගයක් වාර්තා විය.

ඉන් ආසාදිතයින්  345,000 ඉක්මවා වාර්තා වී තිබුණේ වසංගතයේ උපරිම පීඩාවට පත්ව සිටින ඉන්දියාවෙනි.

මීට සති 6කට පෙරාතුව ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා පැවසූ පරිදිම, ඉන්දියාව දැන් කොවිඩ් වසංගතයේ අතිශය මාරාන්තික මාවතක් කරා එළෙඹ සිටී.

ඒ ගෙවුණු පැය 24 තුළ ආසාදිතයින් 345,147 ක් වාර්තා වූ පසුබිමකය.

එක් දිනකදී එක් රටකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ද එය වේ.