අනිද්දා කොළඹ ස්ථාන රැසකට පැය 21ක ජල කප්පාදුවක් – එම ප්‍රදේශ මෙන්න

0
Water Cut අනිද්දා කොළඹ ස්ථාන රැසකට පැය 21ක ජල කප්පාදුවක් – එම ප්‍රදේශ මෙන්න
කොළඹ ප්‍රදේශ කිහිපයක ලබන අනිද්දා (10) දින පැය 21ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 1 සිට 11 දක්වා ප්‍රදේශවලට ( 4,5,6 හැර) පැය 21ක ජල කප්පාදුවත් සිදුවනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල අත්හිටුවීමක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.