
අත්වැරදීමක් හේතුවෙන් රාජ්‍ය බැංකුවකින් ගිණුම් ගත කළ රුපියල් ලක්ෂ 13ක මුදලක් එම බැංකුවට යළි ලබාදීමට දඹුල්ල යාපාගම ප්‍රදේශයේ තරුණියක් කටයුතු කර තිබෙනවා.
රූපලාවන්‍ය ආයතනයක හිමිකාරිණියක් වන දඹුල්ල යාපාගම ප්‍රදේශයේ පදිංචි නිලූෂිකා ජයවර්ධන තම හිතවතෙකු හරහා රුපියල් ලක්ෂ 7ක මුදලක් පසුගියදා දඹුල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවකින් ලබාගෙන තිබෙනවා.
ඇය අදාළ මුදල නිවසට රැගෙන ගණන් කිරීමේදී රුපියල් ලක්ෂ 20ක මුදලක් එහි අන්තර්ගත බව වැටහීමෙන් ඒ පිළිබඳව වහාම අදාළ බැංකුව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.