නිලානි රත්නායක ඔලිම්පික් සුදුසුකම් ලබයි

0

නිලානි රත්නායක බාධක දිවීමේ තරග ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වෙන්.

මේ අතර ශ්‍රි ලංකා කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් ටොකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, මිටර් 100 ධාවන ඉසව්වෙන්.

ඊට අදාළව ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු දැනට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා අවසන්.