යුපුන් අබේකෝන් ඔලිම්පික් සුදුසුකම් ලබයි

0
Yupun Abeykoon - යුපුන් අබේකෝන් ඔලිම්පික් සුදුසුකම් ලබයි
ශ්‍රි ලංකා කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් ටොකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, මිටර් 100 ධාවන ඉසව්වෙන්.

ඊට අදාළව ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.

මෙම තරග ඉසව්වේදී සිවුවැන්න බවට පත් වූ යුපුන් අබේකෝන්, අමෙරිකානුවේ මයිකල් රොජර්ස්, අයිවර් කොස්ට් රාජ්‍යයේ අතාර් සිස්සේ වැනි ප‍්‍රබල කී‍්‍රඩකයින් පරාජය කිරීම කැපී පෙනුනා.

මෑත ඉතිහාසයේ එවැනි ලෝක මට්ටමේ මලල කී‍්‍රඩා තරගාවලියකට එක් වූ එකම ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වන්නේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්.