Online ඉගෙන ගන්න වැලි ගොඩදමන දිරිය දියණිය (වීඩියෝ)

0
Hingurakdaman student - Online ඉගෙන ගන්න වැලි ගොඩදමන දිරිය දියණිය (වීඩියෝ)

සිය මව සමඟ වැලි ගොඩදමමින් ජීවිතය ජය ගැනීම සඳහා වෙර දරණ කුඩා දිරිය දියණියක පිළිබඳව අපට වාර්තා වුණේ පොළොන්නරුව – හිඟුරක්දමන ප්‍රදේශයෙන්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ – හිඟුරක්දමන ප්‍රදේශයේ පදිංචි දැහැමි නෙත්සරා දියණියගේ පියා කුළි රැකියාවක නිරතව සිට මීට මාස කිහිපයක සිට අසනීප තත්ත්වයක පසුවෙනවා.

48 හැවිරිදි දියවැඩියා රෝගියෙකු ද වන ඇයගේ පියාගේ අසනීප තත්ත්වය සමඟ කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබීමෙන් ඇයට සිය මව සමඟ මින්නේරිය ඔයේ වැලි ගොඩ දැමීමට සිදුව තිබෙනවා.

හිඟුරක්දමන මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන දැහැමි නෙත්සරා දියණිය මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අතර, ඇය පවසන්නේ තම අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යාමට දුරකථනයක් නොමැති බවයි.