දුමින්ද බස්නාහිර මහ ඇමැති තරගයට?

0
Duminda Silva

ජනාධිපති සමාවක් යටතේ නිදහස් කෙරුණු දුමින්ද සිල්වා මහතා නැවත වතාවක් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය සඳහා ඉදිරිපත් වීමට දුමින්ද සිල්වා මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී දුමින්ද සිල්වා මහතා බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා වශයෙන් තරගවැදීමට නියමිතය.

(මව්රට නිවුස් වෙබ් අඩවිය ඇසුරිනි)