සහල් හිඟයක් ඇතිවිය හැකි බවට ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්

0
Rice - සහල් හිඟයක් ඇතිවිය හැකි බවට ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්

මෙරට පරිභෝජනය සඳහා රට තුළ සහල් පවතින්නේ තවත් මාසයක කාලයක් සඳහා පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ වී මෝල් හිමියන් ලබාදී ඇති දත්තවලට අනුව ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

මේ නිසා කඩිනමින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කළ යුතු බව වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

(අරුණ වෙබ් අඩවිය ඇසුරිනි)