ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයකින් තොරව පොල් ගස් කැපීම තහනම්

0
Coconut - ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයකින් තොරව පොල් ගස් කැපීම තහනම්
ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරයකින් තොරව කිසිදු ප්‍රදේශයක පොල් ගස් කැපීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තමන්ට පොල් ගසක් කපා ඉවත් කිරිමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ගත යුතුයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව ගස් කපා හෙලීම් පාලන පනත යටතේ තිබූ කොස්, ගම් දෙල් සහ තල් ගස් යන ශාඛවලට අමතරව පොල් ගස ද එම ලැයිස්තුවට අලූතින් ඇතුළත් කර තිබෙනවා.