පසුගිය මාර්තු 31 වැනිදා සිට 20ml ට අඩු වෙන් ඇසුරුම් කර ඇති ශැෂේ පැකට් නමින් හඳුන්වන කුඩා පොලිතීන් ඇසුරුම් තහනම් කිරීමට ජනපතිතුමා ඇතුලු රජය රජය තීරණය කරනු ලැබුවා. 100% ක්ම සාර්ථක බව නොපෙන්නුවත් පරිසර දූශනයට විශාල වශයෙන් හේතුවන එම කුඩා පැකට්ටු තහනම පරිසර හිතවේදීන්ගේ ප්‍රශංසාවට ලක්වුනා.
නමුත් එම තීරණය අභියෝගයට ලක් කරමින් පෙර පැවතිම පැකට්ටු 6 ක් ලෙස එක් කොට unilever සමාගම විසින් ඔවුන්ගේ sunsilk shampoo නිශ්පාදනය වෙළඳපලට නිකුත් කර තිබෙනවා. 24 ml පරිමාවක් එක් වරකට මිලදී ගැනීමට හැකි ලෙස පෙර කුඩා ඇසුරුම් හරහාම shampoo වෙළඳපලට නිකුත් කර තිබීම සමාජ මාධ්‍ය තුල කතාබහක් නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා.