මන්ත්‍රීවරුන්ට නව වාහන ගෙන්වන්න ගියේ රාජකාරී කටයුතු සඳහා නොවේ – අමාත්‍ය මහින්ද අමරවීර

0
VIP vehicles - මන්ත්‍රීවරුන්ට නව වාහන ගෙන්වන්න ගියේ රාජකාරී කටයුතු සඳහා නොවේ – අමාත්‍ය මහින්ද අමරවීර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙන ඒමට සුදානම් වූ වාහන ගෙන්වීමට තීරණය කලේ රාජකාරි කටයුතු සඳහා නොව එය ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා. පරිසර අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

” මේ වාහන ගෙන්වීමට තීරණය කළේ රාජකාරි කටයුතු සඳහා නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්රීැවරුන්ගේ පුද්ගලික පරිහරණයටයි. කොහොම වුනත් මෙම වාහන ඇණවුම් කිරීම රජය දැන් අත්හිටුවා තිබෙනවා. යම් හෙයකින් වාහන ගෙන්වුවත් ඒවා මන්ත්රීනවරුන්ට ලබා දෙන්නට රජය කටයුතු කරන්නේ නැහැ.

එමෙන්ම වාහන අවශ්යකතාවය පැන නැගී තිබුනේ නවක මන්ත්රී්වරුන්ටයි. ඒ අයට පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ වාහන නැහැ. ඇතැම් විට ඒ අයගෙන් ඉල්ලීමක් තිබෙන්නට ඇති. ඒ ගැන මම දන්නේ නැහැ. වාහන අවශ්යහ වන්නේ දැයි අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්රීබවරුන්ගෙන් කවුරුන් හෝ විමසුවාදැයි මම දන්නේ නැහැ. නමුත් මගෙන් නම් කිසිවෙක් හෝ මට වාහනයක් අවශ්යලදැයි විමසීමක් කළේ නැහැ. පුද්ගලික මට වාහනයක් නැහැ. දැනට මම පාවිච්චි කරන්නේ අවුරුදු හතරක් පහක් පරණ වාහනයක්.

මේ වෙලාවේ රටේ හැම අංශයකම ආර්ථික තත්ත්වය යහපත් නෑ. ඒක අපි පිළිගන්න ඕනෑ. සංචාරක කර්මාන්තය බිඳ වැටිලා. විදේශ රටවල සේවය කරන පිරිස් වෙතින් මුදල් එන එකත් අඩුවෙලා. අපේ රටේ බොහෝ ව්යා පාරික කටයුතු විදිමත් ලෙස සිදුවන්නේ නැහැ. සියලු මිනිසුන්ගේ එදිනෙදා ජීවනෝපායයන් ඇහිරී තිබෙනවා. එවැනි විටෙක පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ට වාහන ගෙන්වීම සුදුසු යැයි මම හිතන්නේ නැහැ.ඒ වගේම මෙම තීරණය ගන්න රටේ සියලු අංශ පවතින්නේ සුදුසු තත්ත්වයක නොවෙයි.” අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)