මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්විය යුතුයි, රටට පාඩුවක් නෑ – ලොහාන් රත්වත්තේ (Video)

0
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබෙන කරුණක් බවට පත්වී අවසන්. ඒ එම ණය පහසුකම් ලබාගැනීමේ සිට අදාළ වාහන ගෙන්වීමේ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ද රටේ දැඩි කතාබහක් මතුවී තිබෙනවා.

කෙසේ වුවත් මෙම වාහන ගෙන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙසේ ප්‍රකාශ කර සිටියා..

” මේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඇත්තේ වැරදි වැටහීමක්. මෙය අපේ රටේ සල්ලි වියදම් කරලා ගෙන්වන වාහන නෙමෙයි. මේ වාහන ගෙන්වීම සිදුකරන්නේ පසුගිය ආණ්ඩුවෙන් ගත්ත ණය පහසුකමක් යටතේ. මේක අපි භාවිතා නොකලොත් එය අපතේ හැරීමක් වනවා”.

එම වීඩියෝව පහතින්..