මෙරටට පැමිණෙන ගුවන් යානාවල මගීන් ගණන සීමා කෙරේ

0

පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණෙන ගුවන් යානයකින් රැගෙන ආ හැකි මගීන් සංඛ්‍යාව කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුලුව 75කට සීමා කර තිබෙනවා.

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් සමාගම්වලට දන්වා ඇත්තේ එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 75ක් බවයි.

ඒ අනුව මෙම තීරණය හෙට (03) සිට සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙනවා.