
තමන් විසින් භාරදී ඇති තම වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න නොවිසුමන ලෙස දෙරණ 360 නාලිකාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍යවේදී කවිඳු කරුණාරත්න මහතාට දැනුම් දුන්නේය.
වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්තේ නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ඔහු තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මාධ්‍යයට අවස්ථාව ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
තව වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ දකින කෙනාට පාරෙදි හම්බවුණාම හම්බ වූ අවස්ථාවල ප්‍රශ්න කිරීමට නොවන බවද ඔහු පැවසීය.
එහිදී විමසන ලද ප‍්‍රශ්ණ වෙනුවෙන් උත්තර දැක්වීද ඇමතිවරයා ප‍්‍රතික්‍ෂෙප කලේය.
මට ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්.අපි දෙන්නා මේක මෙතන විභාග කරන එක සාධාරණ නැහැ. රටක නීතියක් තියෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වත්කම් වාර්තා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ පාරෙ හම්බ වෙනකොට අහල ප්‍රශ්න කරන්න නෙවෙයි.
යමෙකුට මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අල්ලස් එකට ලියල ඒ ගැන පරීක්ෂණයක් ගන්න පුළුවන්. මට මේවට උත්තර දෙන්න බැරිකම නොවෙයි.
මේ අවස්ථාවේදී හඳුන්නෙත්ති මහතා සහ නිවේදක කලිඳු කරුණාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවනුද දැක ගත හැකිවිය.
නිවේදක: මා ඔබ පාරේ දි මුණ ගැසුනා නොවෙයි. මේක රූපවාහිනී සංවාදයක්. ජනතාව බලාගෙන ඉන්නවා. මට ප්‍රශ්න අහන්න අයිතිය තියෙනවා. ඔබතුමාට ඕන නම් පිළිතුරු නොදී ඉන්න පුළුවන්.
ඔබලා වත්කම් බැරකම් ඉදිරිපත් කළ ආකාරයේ විශ්වාසනීයත්වය ගැන ගැටළුවක් තියෙනවා. වත්කම් බැරකම් නීතිය විහිළුවට දාලා ඉදිරිපත් කරපු ආකාරයකුත් පේනවා.
හඳුන්නෙත්ති මහතා: ඔබතුමා මෙහෙම ප්‍රශ්න අහන එක වැරදියි. මේකට රටේ ක්‍රමවේදයක් තියෙනවා.
නිවේදක: ඔබතුමාට පර්චස් 47ක වත්කමක් තියෙනවා. ඒ ඉඩම අත්පත් කරගත් ආකාරය සහ වටිනාකම වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කරලා නැහැ.
සුනිල් හඳුන්නෙත්ති: ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් පැමිණිල්ලක් කරන්න පුළුවන්.
සම්පූර්ණ වැඩසටහන පහතින් නරබන්න