රටට ඇඳිරි නීතිය ඕන දැයි රජය සොයා බැලිය යුතුයි

0
Curfew - රටට ඇඳිරි නීතිය ඕන දැයි රජය සොයා බැලිය යුතුයි

කොවිඩ්  ව්‍යාප්තිය පාලනය සඳහා රටට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අවශ්‍යදැයි රජය  මේ මොහොතේදී සොයා බැලිය යුතු බව ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

කොවිඩ්  පළමුවැනි රැල්ලේදී ඒ පැතිරීම හොඳින් පාලනය කර ගනු ලැබුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන්  බවද

ඔහු සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙසේද  පැවසුවේය.

” පවතින තත්වය හොඳ නැහැ .මේ නිසා නිරෝධායන ඇඳිරි නීතිය  වැනි තත්වයට යන්න වේද කියන ප්‍රශ්නය තියෙනවා.රජය පැත්තෙන් බලන්න ඕන මේ තත්වය තද කරන්න.ඇඳිරි නීති තත්වයට යන්න වේද කියලා  රජය බලන්න ඕන”