22 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඕනෑම පුද්ගලයෙකුට නීතිමය පියවර ගත හැකියි

0
22 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධන පනත් කෙටුම්පත

22 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඕනෑම පුද්ගලයකුට නීතිමය පියවර ගතහැකි බව නීතීඥ ආචාර්ය ප්‍රතිබා මහානාම හේවා මහතා පැවසීය.

ජනාධිපති ධූර කාලය වසර 05ක් බවට සඳහන් කරමින් අදාළ විවස්තා සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ නියමයෙන් ගැසට් කෙරිණි.

එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය.

ශේෂ්ඨාධිකරනය නියම කලහොත් ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතුය.

ඒ අනුව එම පනත් කෙටුම්පතට එරෙහිව ඕනෑම පුද්ගලයකුට සති 02ක් තුළ අධිකරණයට යා හැකි බව පැවසීය.

මේ අතර විවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

ඒ අනුව නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන බව වැඩිදුරටත් පැවසීය.