හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සාමාන්‍ය වාට්ටුවේ ජම්පරයත් අඳියි. ඇප ගන්න සැලසුම මෙන්න.

0
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

කොළඹ මහාධිකරණය විසින් වසර තුනක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටු රදවා ඇත.

ඇය මේ වන විට කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින අතර නම වෙනුවට සිරකරු අංකයක් ලබාදී ඇත.

ඇය මෙතෙක් විශේෂ ඉල්ලීමක් කර නැති බවත් එනිසා ඇය විශේෂ වාට්ටුවකට යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී නැති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇගේ නීතිඥයන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ගොනු කිරීමට තීරණය කර තිබේ.

එළඹෙන සතියේ මුල් දින කිහිපය ඇතුළත එය ගොනු කිරීමෙන් පසු ඇයට ඇප ලබාගැනීමට හැකිවනු ඇති බවද නීතිඥයන් කියා සිටිති.