මැතිවරණ කොමිසමේ සභාපති චෝදනා ගැන කෝප වෙද්දී මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය රජයේ ප්‍රකාශ හෙළාදකිමින් නිවේදන නිකුත් කරයි

0
මැතිවරණ කොමිසමේ

මැතිවරණ කොමිසමේ සභාපති සමන් රත්නායක මහතා ඔහුට පක්ෂක්ග්‍රාහී බවට එල්ලවන චෝදනාවන් සම්බන්ධව දැඩි ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන බව මැතිවරණ කොමිසම් කාර්‍යාලීය අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරසිටී.

පසුගියදා ජනාධිපතිවරයාට යොමුකොට තිබූ නිර්ණාමික ලිපිය පිළිබඳව Newsweb අප කල හෙළිදරවුවෙන් පසු මැතිවරණ කොමිසමේ අනෙක් සාමාජිකයින් සම්බන්ධයෙන් පවා දැඩි අපහාසාත්මක ලෙස චෝදනා එල්ල කරමින් සමීපතමයන් හා අදහස් දක්වන මැතිවරණ කොමසාරිස්වරයා, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සාමාජිකයින් සහ ජනාධිපති උපදේශකවරයෙක්ට චෝදනා එල්ල කරමින් තම පක්ෂපාතී භව හෙළිකිරීම ඔවුන්ගේ වරදක් බවට දක්වමින් සිටින බව එම අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සනාත කර සිටී.

මේ අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නොමැති සමයක ජනතාවට සලසන සහන මැතිවරණයක් ඉලක්ක කරගනිමින් සිදුවන මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් බවට චෝදනා කරමින් එය නවතාලන ලෙස මැතිවරණ නිරීක්ෂක සංවිධාන සහ මැතිවරණ කොමසාරිස්වරයා කරන ලද ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති උපදේශක ආශු මාරසිංහ ප්‍රවෘත්ති සාකච්චාවකදී අදහස් දක්වා තිබුණා.

එම ප්‍රතිචාරය හෙළාදකිමින් කවරදාක හෝ පළාත්පාළන මැතිවරණය පවත්වන තෙක් ජනතාවට සහන සැලසීම නොකල යුතු බව අනුමත කරමින් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහළින්.

මැතිවරණ කොමිසමේ