රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ තවම අවසන් එකඟතාවයක් නැහැ – මහින්ද රජපක්ෂ

0
සහාය පළ කිරීම රනිල් වික්‍රමසිංහ

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

”තාම අපේක්ෂකයෙක් තේරුවේ නැ. අපි වෙනම ස්වාධීනව හිතන්නේ.අපි ස්වාධිනව අපේ කණ්ඩායම හිතල තමයි අපි තින්දුවක් ගන්නෙ කවුරු එක්ක යනවද කියලා.”

දේශපාලනික වශයෙන් ඉතා හොද බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  විශේෂ සාකච්ඡාවකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරු ඊයේ පෙරවරුවේ මෙම විශේෂ සාකච්ඡාව සඳහා කැඳවා තිබුණේ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්.‍

එහිදී ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවට වාර්තා වන අතර පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවැති හමුවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.