සර්වෝදය ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකා භිමාන්‍ය ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගමන් යයි

0
ඒ ටී ආරියරත්න

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය රටට ජාතියට ණය නැති අභාවප්‍රාප්ත  සර්වෝදය  ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකා භිමාන්‍ය ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා   රාජ්‍ය ගෞරව සහිතව ඊයේ (20)අවරට හිරු බැස ගිය සැන්ඳෑ යාමේ දහසක් දෙනාගේ සෝසුම් මැද  කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සදහටම දැයෙන් සමුගත්තේය.

මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කර තිබූ ඒ මහතාගේ දේහය එහි සිට මහ රථ පෙරහරකින්  කොළඹ නිදහස් චතුරශ්‍රයට ගෙනවිත් ආගමික වතාවත් සහ රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා විශේෂ පිඨිකාවක තැන්පත් කෙරිණි .

අනතුරුව පස්වරු  හතරට පමණ අවමංගල්‍ය උත්සව සභාව ආරම්භ කෙරිණි
එහිදී බෞද්ධ හින්දු කතෝලික සහ ඉස්ලාම් යන සර්වාගමික පින් පැම්ණ  විමේ වතාවත් ආගමික නායකයින් විසින් සිදු කරනු ලැබිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක වලේබොඩ ගුණසිරි ,මාඉටිපේ ගුණ සිරි  රුහුණු විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය අකුරැටියේ නන්ද යන හිමිවරුද අනුශාසනා සහ ආගමික වතාවත් ඉටුකිරීමට එක්වුහ.

ශ්‍රී ලංකා රදගුරැසම්මේලනයේ උපලේකම් ඩිලාන් ප්‍රනාන්දු පියතුමා  කතෝලික ආගම වෙනුවෙන්ද  ශ්‍රි  දර්ශා කුරකල්තුමා හින්දු ආගම වෙනුවෙන් ද සමස්ත ලංකා ජමිය උලමා සභාවේ ජේෂ්ඨ විධායක සභික ෆාරුක් මවුලවිතුමා ඉස්ලාම්   ආගම  වෙනුවෙන්ද  ආගමික වතාවත් ඉටුකළහ.
පැය දෙක කාලයක් අවමංගල්‍ය උත්සව සභාව  පැවති අතර  සවස හයයි තිහට පමණ ඉතා චාම් ලෙස සකස් කර තිබුණු චිතකයට සර්වෝදය නායකයාගේ නිසල දේහය තැන්පත් කිරීමෙන් පසු බෑණනුවන් දෙපලක් විසින් ඊට ගිනි දල්වන ලදී.

ඡායා ගයාන් අමරසේකර

ඒ ටී ආරියරත්න

ඒ ටී ආරියරත්න