Verite Research සමීක්ෂන වාර්ථාව එළිදකියි 85% ක් රජය ගැන අප්‍රසාදයෙන්

0
Verite Research සමීක්ෂන වාර්ථාව

වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය මෙරට ජනතාවගෙන් සියයට 85 අනුමත නොකරන බව Verite Research ආයතනය ප්‍රකාශයට පත් කළ රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පහළ ගොස් තිබෙන බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ඔක්තෝබර් මාසයේදී සියයට 9 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයේදී සියයට 7 ක් දක්වා පහළ වැටී ඇති බව එම සමීක්ෂණයේ නවතම වාර්තාවෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථිකය දුර්වල තත්ත්වයක පවතින බව සියයට 91 ක ජනතාවගේ අදහස බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එසේම සියයට 90 ක ප්‍රතිශතයක් රටේ ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බවට එම සමීක්ෂණයේදී අදහස් දක්වා ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.රටේ ආර්ථිකය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක තිබෙන බවට අදහස් දක්වා ඇත්තේ සියයට 9 ක ප්‍රතිශතයක් පමණක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.