කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරදියි

0
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය.

මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ නැත.

ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු කතානායකගෙන් විශීෂ හෙළිදරවුවක්

කථානායකවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42කින් පරාජයට පත්වූ පසු විශේෂ ප්‍රකාශයක් කළ කථානායකවරයා සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී පැවසුවේ, ඉකුත් අරගල සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර හෝ ආණ්ඩුවක් පිහිටුවන ලෙසට තමාට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙනි.

මේ අතර ඡන්ද විමසීමට සහභාගි වන ලෙස ජනපතිවරයා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කිරීම නිසා, විදෙස්ගතවී සිටි ඇමතිවරුන් වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද දිවයිනට පැමිණ තිබුණි.

දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

මෙහිදී කථානායකවරයා කළ හෙළිදරව්ව ඉහත වීඩියෝවෙන් නරඹන්න…