75 වසරක සාපයට ජවිපෙත් වගකිව යුතුයි

0
75 වසරක සාපයට

මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

නාමල් රාජපක්‍ෂ මහතා කොල්ලුපිටියේදී පැවති රැස්වීමකදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අද (25) එසේ පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් ආණ්ඩු බලය ගැනීමට උත්සාහ කර එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මිනිසුන් එකතු කරමින් වේදිකා මත කෑ ගසන බවත් මෙරට 75 වසරක සාපයක් ගැන කියනවා නම් 83 කළබල වලින් දේපල ගිණි තියලා මිනිස්සු ඝාතනය කර අවුරුදු 30 ක යුද්ධය පටන් ගත්තු අය ද වගකිවයුතු බවත් ඒ මහතා කීය.

තරුණයෝ 60,000 ක් 88-89 ඝාතනය කරපු අයත් එයට රටේ කඩා වැටීමට වගකිව යුතු බව කී නාමල් රාජපක්‍ෂ මහතා බස් ගිණි තැබූ, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු අය වගේම පසුගි කාලයේ අරගල කරලා ගෙවල් දොරවල් ගිණි තී්‍යෘ රටේ ආර්ථිකය වට්ටලා සංචාරක ව්‍යාපාරය වට්ටපු අයත් වගකිවයුතු බව ද සඳහන් කළේය.