ඉන්දීය අමුල් සමාගම – අනුර බලන්න යයි , නාමල් විරෝධය පලකරයි

0
නාමල් කරැණාරත්න

මෙරට කිරි නිෂ්පාදනය සඳහා මැදිහත්ව ආයෝජනය කිරීමට සූදානම් වන ඉන්දීය අමුල් සමාගමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දැඩි චෝදනා එල්ල කරයි.

එහි ජාතික සංවිධායක නාමල් කරැණාරත්න මහතා පවසන්නේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් ඉන්දියාවේ අමුල් සමාගමට තුට්ටු දෙකට විකිණීමට රජය සූදානම් වන බවයි.

මේ වන විට අමුල් සමාගමක් අදාළ ඉඩම් හඳුනා ගැනීම සඳහා පැමිණ සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මෙම කටයුත්ත වහා නතර කරන ලෙස ද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ඉන්දියාවේ සංචාරකයන් නිතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ අමුල් සමාගමේ ‍ප‍්‍රධානින් හමුවී ඇත.

ශ්‍රී ලංකාවේ සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් අමුල් සමාගම විසින් ඔවුන්ට තම අදහස් ඉදිරිපත් කරගෙන ඇති අතර නියෝජිත කණ්ඩායමද ඔවුන්ගේ අදහස් හා ගැටළු පෙන්වා දී ඇත.