“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම නවතා දැමු බව නාවික හමුදාව පවසයි.
ඒ නෞකාවේ එක් පැත්තක් මුහුදු පත්ලේ ගැටීමත් සමඟ ය.
නෞකාව මේ වන විට පවතින ස්ථානයේ ගැඹුර මීටර් 22ක් පමණ වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කරයි.
මීටර 186 ක දිගින් යුත් මෙම නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට බහලුම් 1,486 ක් රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ නැංගුරම් ලා තිබියදී පසුගිය 20 වනදා ගිනි ගැනීමට ලක්ව තිබුණා.
කෙසේවෙතත් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන්නේදැයි මෙතෙක් නිරීක්ෂණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද නාවික හමුදාව පවසයි.




















































