ඇමති සනත් සමගම අවසන් ගමන් ගිය ඇමැති ආරක්ෂකයාගේ අවසන් කටයුතු හෙට

0
ඇමැති ආරක්ෂකයා

මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු හෙට (ජන. 27) සිදු කිරීමට නියමිත ය.

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමග මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩිගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

ඔහුගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු 11ක් වන බව ත් දෙවන දරුවාට වයස මාස 10ක් වන අතර මොහුගේ බිරිඳ හෙද නිලධාරිනියක වන බව ත් අප වාර්තාකරු සඳහන් කළේ ය.

මිය ගිය ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු හෑදෙණිය, මරවනාගොඩ ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

අයියා අක්කාට කතා කරලා ති‍යෙනවා.. අපි හීනෙකින්වත් හිතුවේ නැහැ අයියාට මෙහෙම දෙයක් වෙයි කියලා.. “

මියගිය ඇමැති ආරක්ෂකයාගේ මස්සිනා ඒ කතාවට මුලපිරුවේ මෙහෙමයි…

ආ එක්කත් සිනාමුසු මුහුණින් කතා කළ කොස්තාපල් ජයකොඩි අවසන් වරට අනතුර සිදුවීමට පෙර දා රාත්‍රී 11 පමණ ඇගේ බිරිඳක ඇමතුමක් ගෙන තිබෙනවා..

වෘත්තියෙන් හෙද නිලධාරිනියක් වුණ බිරිඳ එදා රෑ රෝහලේ රාජකාරී කරමින් සිටි අතර, මේ සැමියාගේ අවසාන ඇමතුම වෙයි කියා ඇයත් කිසිදා නොසිතන්නට ඇති.. ඔහු මහව ප්‍රදේශයේ පදිංචි කෙනෙක්…

විවාහයෙන් පස්සේ 2012දී තමයි හෑදෙනිය මරවනාගොඩ පදිංචියට ඇවිත් තියෙන්නේ.. පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ළඟ සේවය කිරීමට පටන්ගෙන තිබුණේ මීට වසර 7 කට කළින් බවයි වාර්තා වෙන්නේ..

අවසාන වශයෙන් කොස්තාපල්වරයා පවුලේ හිතවතුන් සමඟ දොඩමළු වූ ආකාරය මෙන්න මේ විදිහට ඔහුගේ මස්සිනා කියා තිබුණා..

“මීට අවුරුද්දකට කලින් මිය ගිය දුව ගේ දානයට සහභාගි වෙන්න ලබන සතියේ එනවා කියලා තමයි අයියා පෙරේදා ගෙදරින් ගියේ.. දැන් අවුරුදු 07 ක් විතරම අයියා සනත් නිශාන්ත ඇමැතිතුමා ළඟ තමයි සේවය කළේ. එදා රෑ 11 ට විතර අයියා අක්කට කතා කරලා ති‍යෙනවා.. ඒ වෙලාවේ අක්කා රෝහලේ වැඩ කරමින් තමයි ඉදලා තියෙන්නේ. මේ වගේ දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ.. අයියා කා එක්කත් සහෝදරත්වයෙන් සමගියෙන් හිටි කෙනෙක්.. එයා හරිම හොඳ කෙනෙක්.. පොඩි දුව වයස මාස 10 ක් වෙත් දී හදිසියේ මිය ගියා.. ලොකු පුතාට දැන් අවුරුදු 11 ක්.. මේ පාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නවා.. අක්කා හෙද නිලධාරිනියක් විදිහට සේවය කරනවා.. නිවාඩු ඇවිත් අයියා දවස් කිහිපයක් ගෙදර ඉඳලා පහුගිය 23 දා තමයි වැඩට ගියේ.. දුවගේ දානෙට තව සතියක් තියෙන්නේ.. ඒකට නිවාඩු අරගෙන එනවා කියලා ගිය කෙනා තමයි මේ විදිහට අපිව දාලා ගියේ..”