මන්ත්‍රී ධූරයේ අර්බුදය සමන් පෙරේරා ඇතුලු 5 ඝාතනයට සම්බන්ධයි ?

0
සමන් පෙරේරා

අපේ ජනබල පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ඇතිවී ඇති බවත් මන්ත්‍රී ධූරය සම්බන්ධය අර්බුදය එක දිගටම යන බවත් අපේ ජනබල පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා සිටිති.

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදය සමනය කරගැනීමට තමන් බොහෝ උත්සාහ දරන ලද බවත් මෙතෙක් දුර හෝ ආවේ තමන් විසින් සිදු කරන ලද මැදිහත්වීම මත බවත් උන්වහන්සේ පැවසූහ.

මෙම මරණය සම්බන්ධයෙන් රාජ්‍ය පාලනය වගකිය යුතු බවද පවසන උන් වහන්සේ රාජ්‍ය යාන්ත‍්‍රණය මන්ත්‍රී ධුරය හරහා පක්ෂයේ දේශපාලන තත්ත්වය හරහා බැඳුනු අර්බුදයක් පවතින බවද කියා සිටියහ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු හඳුනා නොගත් වෙඩික්කරුවන්ගේ පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිනි.

සමන් පෙරේරා ඇතුලු 5 ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක්

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබෙනවා.

ප්‍රවෘත්ති  සාකච්ඡාවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළා.

සමන් පෙරේරාගේ නිවස විශේෂ පරීක්‍ෂාවකට ලක් කෙරේ

බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමෙන් ඝාතනය වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ කුරුණෑගල නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂා කළේය.

එහිදී එම පොලිස් කණ්ඩායම පොලිස් සුනඛයන් ද යොදාගෙන නිවස සම්පූර්ණයෙන්ම පරීක්‍ෂා කර කළ බවත් නිවසේ කිසිඳු නීති විරෝධී භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නොතිබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම නිවසේ බංකරයක් වැනි කාමරයක් තිබූ බව ද කී උසස් පොලිස් නිලධාරියා එහි තිබූ භාණ්ඩ ද පරීක්‍ෂා කළ බව ද සඳහන් කළේය.

ඒ මහතාගේ නිවසේ ආයුධ සඟවා ඇතැයි ලැබුණු තොරතුරුට අනුව මෙම පරීක්‍ෂාව කර තිබේ.