ඩිල්කා සමන්මලී දෙරණ සේම මවු දෙරණත් හැර යයි

0
ඩිල්කා සමන්මලී

දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදිකා ඩිල්කා සමන්මලී දෙරණ නාලිකා සේවය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇය විසින් මෙහෙයවන අවසන් දෙරණ නාලිකාවේ වැඩසටහන අද(22) රාත්‍රියේ පැවැත්වෙයි.

ඒ දෙරණ නාලිකාවේ හිමිකාරීත්වය දරන මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සමඟයි.

දෙරණ නාලිකාවෙන් සමු ගැනීමෙන් අනතුරුව ඇය විදෙස් රටක පදිංචියට යාමට නියමිත බව වාර්තා වෙයි.

හිටපු ජනපති ගෝටාබය රාජපක්ෂව බලයට ගෙන ඒම වෙනුවෙන් ඩිල්කා සමන්මලී තම ජනමාධ්‍යවේදී රැකියාව බරපතල ලෙස අවභාවිතා කිරීම නිසා ලාංකීය සමජයේ යම් යම් පිරිස් වෙතින් ඩිල්කාට පසුගිය කාලය පුරාම දැඩි විවේචන එල්ල වී තිබුණි.