එළවළුද විදේශයන්ගෙන් ආනයනය කිරීමට සූදානම්. කොමිස් ලැබෙන බව ඔප්පු කලොත් ඇමතිකමෙන් යනවා. – නලීන් ප්‍රනාන්දු

0
ආනයනය කිරීමට

එළවළු මිල පාලනය කල නොහැකි නම් එළවළුද විදේශයන්ගෙන් ආනයනය කිරීමට සූදානම් බව වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ බව තමන් ජනාධිපති ලේකම්වරයාටද දැනුම්දී ඇතැයිද ඒ මහතා පැවසීය.

එ් අනුව ආහාර ප්‍රතිපත්ති කමිටුව මේ සම්බන්ධයෙන් වගකීම බාරගත් බවත් පැවසූ ඔහු මාසයක් ඇතුළත එළවළු මිල පහත හෙලනු ඇති බව සඳහන් කළේය.

කොමිස් ලැබෙන

එළවළු ආනයනය කලේ නම් දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට එළවළු සැපයිය හැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේදී තමන්ට කොමිස් මුදලක් ලැබෙන බවට සාක්ෂි පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙස වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු පැවසූවේ එය සනාථ වුවහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් චෝදනා කළේ බිත්තර ආනයනයේදී කොමිස් ගණුදෙනුවක් සිදුවන බවටයි.