රතු මුහුදේ අරබුධයට බ්‍රිතාන්‍ය යේමනයට එරෙහිව යුධ ප්‍රකාශ කරයි ?

0
රතු මුහුදේ අරබුධයට
බ්රිතාන්යයේ ජනතාව සිකුරාදා උදේ අවදි වෙන්නේ කලින්දා රෑ තමන්ගේ රටේ රාජකීය ගුවන් හමුදාව ඇමරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවත් එක්ක එකතු වෙලි යේමනයේ හඳුනා ගත් ඉලක්ක රැසකට බෝම්බ හෙලපු පුවතත් එක්ක. මේ වෙනකොට රුසියානු යුක්රේන යුද්ධයටත් ඊශ්රායල් පලස්තීන යුද්ධයටත් පවුම් මිලියන ගණනක් පොම්ප කරමින් සක්රීයව මැදිහත් වෙලා ඉන්න බ්රිතාන්යය තවත් යුද්ධයකට පැටලිලාද.
යේමනය කියන්නේ රතු මුහුද ආසන්නයේ පිහිටලා තියන තවත් එක් මැදපෙරදිග රටක්. උතුරු යේමනයේ වැඩි කොටසක් පාලනය කරන්නේ Houthi සන්නද්ධ කණ්ඩායම විසින්. මේ Houthi සන්නද්ධ කල්ලිය පසුගිය නොවැම්බර් මාසයේ ඉඳලා රතු මුහුද හරහා ගමන් කරන වාණිජ හා වෙළඳ නැව් ඉලක්ක කරගනිමින් ප්රහාර එල්ල තරනවා. ඒ ප්රහාර නිසා මේ වෙනකොට මුළු ලෝකයේම භාණ්ඩ ප්රවාහන ක්රියාවලිය අවුල් වෙලා තියෙන්න. අන්න ඒ නිසා තමයි Houthi සන්නද්ධ කල්ලිය පාලනය කිරීමේ අරමුණින් ඇමරිකාව සහ බ්රිතාන්යය එක්ක ඔවුන්ගේ හඳුනා ගත් ඉලක්ක වෙත මෙහෙම ගුවන් ප්රහාර එල්ල කරන්නේ.
හුතීවරු කියන්නේ ෂියා මුස්ලිම් සුළුතරකයින් සැදි සන්නද්ධ කණ්ඩායමක්. යේමන් රජය සෞදි අරාබියේද සහාය ඇතුව හුතී කණ්ඩායම් පළවා උත්සාහ කරත් අන්තිමට උනේ හුතී සටන්කාමීන් විසින් එරට ජනාධිපතිවරුන් පලවා හැරපු එක. 2014 වසරේ සිට අඛණ්ඩව යේමන් රජයට එරෙහිව යුද්ධයක නිරත වෙන හුතී සටන්කාමීන්ට හමාස් සහ හිස්බුල්ලා සංවිධාන සිය පූර්ණ සහාය ලබා දෙනවා. ඊට අමතරව සෞදි අරාබියේ සතුරෙකු වන ඉරානයද මේ Houthi සටන්කාමීන් පිටුපස ඉන්නවා.
ඊශ්රායලය විසින් ගාසා තීරය ආක්රමණය කිරීමට එරෙහිව හමාස් සංවිධානයට සහාය දක්වමින් Houthi කණ්ඩායම් විසින් රතු මුහුද හරහා ඊශ්රායලයට යන වෙලඳ නෞකා වලට මිසයිල සහ ඩ්රෝන ප්රහාර එල්ල කිරීම ආරම්භ කරා. නමුත් පහු වෙනකොට ඊශ්රායලයට යෑම පැත්තකින් තියලා රතු මුහුද හරහා ගමන් කරන වෙළඳ නැව් රැසකටම ඔවුන් ප්රහාර එල්ල කරන්න පටන් ගත්තා. මේ ප්රහාර ආරම්භ වීමත් සමඟ ජාත්යන්තර වෙලඳ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩපන උනා.
ජාත්යන්තර වෙලඳ නැව් සමාගම් රතු මුහුද ඔස්සේ සූවස් ඇල හරහා නැව් ගමනාගමනය නතර කලා. සූවස් ඇල හරහා නොගොස් අප්රිකාව වටා යාත්රා කිරීමට තීරණය කිරීමත් සමඟ නැව් සමාගම් වලට භාන්ඩ ප්රවාහනය සඳහා දරන්න වෙන පිරිවැයත් කාලයත් දෙකම කීහිප ගුණයකින් ඉහල ගියා. ඒ වගේම නැව් රක්ෂණ ගාස්තුත් 10 ගුණයකින් පමණ ඉහල ගොස් තිබුනා. ඉතින් මේ පිරිවැය ඉහළ යාම අවසානයේදී සමාගම් වලට විතරක් නෙමෙයි ලෝකයේ සෑම රටකම සෑම නිවසකටම දැනෙන ප්රශ්නයක් උනා. ආනයනිත සෑම භාන්ඩයකම මිල ඉහල යන්න උනා.
ඒ නිසා තමයි අවසානයේ එක්සත් ජනපදත් බ්රිතාන්යයත් එක්ව හුතීන් අඩපන කරන්න හිතාගන ඔවුන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්රහාර එල්ල කරේ. ජාත්යන්තර නාවික වෙලඳ මාර්ගය ආරක්ෂා කරන්නත් වාණිජ වෙලඳාමේ ජීව ගුණය රැක ගන්නත් ලෝක පොලිස්කාරයන්ගේ මේ ක්රියාවලිය ඉවහල් වේවි. හුතී කණඩායම් වලට එරෙහි ප්රහාර සඳහා කැනඩාව, ඕස්ට්රේලියාව, බහරේන් සහ නෙදර්ලන්තය වැනි රටවල් සහාය දක්වා තිබනවා. ජාත්යන්තර වෙලඳ මාර්ගය රැක ගන්නර රටවල්ර රැසක් එකට එකතු වෙද්දි Houthi කණ්ඩායම් වලට සහය දක්වන ඉරානයේ මිත්ර රටවල් වන චීනය හි රුසියාව ඇතුළු කණ්ඩායම් මේකට මැදිහත් උනොත් තවත් මහා පරිමාණ යුද්ධයක් ලෝකයට ඇති වේවි.

තිලාන් ජයසේකර