23 හැවිරිදි  ජනප්‍රිය රංගන ශිල්පිනියකට ලිංගික අතවරයක්

0
ජනප්‍රිය රංගන ශිල්පිනියකට

කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි  ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ රියදුරෙකු ලිංගික අතවරයක් සිදුකොට  පලා ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.

මෙම  රංගන ශිල්පිනියගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා  මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ  දක්වා කුලී ගමනක් යාමට කුලී ගමන් පහසුකම් සපයන සමාගමක ත්‍රී රෝද රථයක් ඇණවුම් කර තිබෙනවා.

ත්‍රීරෝද රථයෙන් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී එක්වරම පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී  මාර්ගය අසල ත්‍රීරෝද රථය නවතා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් ත්‍රිරෝද රථයෙන් බැස පිටුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය අසලට විත් ඇයව අපයෝජනයට ලක් කර තිබෙනවා.

එහිදී රංගන ශිල්පිනිය සැකකරු තල්ලු කොට ත්‍රිරෝද  රථයෙන් එළියට පැන කෑ ගසා  අසල්වාසීන්ට පවසනවාත් සමඟම ත්‍රීරෝද  රථයේ රියදුරු රංගන ශිල්පිනිය මහමඟ අතහැර දමා පලා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන්.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් අනතුරුව ත්‍රී රෝද රථය කොළඹ හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පලා ගොස් ඇති බවයි.