ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා

0
ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට

රතු මුහුද හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන භාන්ඩ ප්‍රවාහන නෞකා වලට ආරක්ෂාව ලබා නොදුනහොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මහා පරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය වනු ඇති බවයි.

මෙම නෞකාව යෙදවීමට වැයවන මුදල දෙස බලා එම කටයුතු වලින් ඉවත් වුවහොත් මෙරටට නැවු නොපැමිණීමෙන් දැවැන්ත ආර්ථික පාඩුවක් රටට සිදුවනු ඇති බවද පෙන්වා දෙන ජනාධිපතිවරයා යුධ නැව යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්‍ෂා සැපයීමට මිස රාජ්‍යයන් අතර තිබෙන යුද්ධයකට සහය දීමට නොවන බවද කියා සිටී.

හුතී සටන්කාමින් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මගහැර වෙනත් මාර්ග ඔස්සේ යාම නිසා ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමා ඇති බවත් ‍හුතී වැඩකටයුතු විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදා නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.