Soul Beach හෝටලය කඩා දැමීම වැරදියි. මම දෙශබන්දුට ඕනෙ තරම් සල්ලි දීල තියෙනවා පොලීසියට කන්න දීල තියෙනවා. ප්‍රධාන කොටස් හිමිකරු කියයි

0
Soul Beach හෝටලය

ඩුබායි හී පදිංචි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් බව පවසමින් හා වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීමක් බව පවසමින් දෙහිවල පිහිටි මනස්කාන්ත හෝටලයක් වූ Soul Beach හෝටලය කඩාදමා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පළමුවැනිදා කටයුතු කළා.

පොලීසිය පැවසුව‍ෙ ‘යුක්තිය’ මෙහෙයුම යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක වූ බවයි.

මෙම සෝල් බ්ච් ආයතනයේ අධ්‍යක්ෂකවරු සිවු දෙනාගෙන් එක් අධ්‍යක්ෂ්‍යවරයෙක් වන මොහොමඩ් රිෆා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ මෙය ඉදිකිරීම සඳහා සියලුම අවසරයන් ලබාගෙන තිබියදී අනීතිකව හදිසියේ මෙය කඩා ඉවත් කිරීම තනි පුද්ගල මතයකට අනුව සිදු වූවක් බවයි.

මෙය අනවසර ඉදිකිරමක් හෝ යම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් දේපලක් නම් මීට පෙර අත්අඩංගුවට ගත් එවැනි දේපල රාජසන්තක කිරීම වැනි ක්‍රියාවක් සිදු නොකර එය සම්පූර්ණයෙන්ම කඩා බිද දැමීම පසුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන්නේදැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.

තමන් දේශබන්දු තෙන්නකෝන් මහතාට හැකිපමණ උදව් කර ඇති බවත් අවස්ථා කිහිපයකදීම ඔහුගේ ව්‍යාපෘති සඳහා ලක්ෂ ගණනින් මුදල් ලබාදීම්ද සිදුකළ බවද මොහොමඩ් රිෆා මහතා සඳහන් කළා.

තමන්ද කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙක් බවත් ටිරාන් අලස් මහතාගේ පියා ඩී.ඇස්. සේනානායක පාසලේ විදුහල්පතිවරයාව සිටියදී තමන්ගේ පියා පාසලට පන්ති කාමර තුනක් සාදා දුන් බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

මෙම අනීතික ක්‍රියාවෙන් එම හෝටලයේ සේවය කළ සේවකයන් 94 දෙනෙක් හිටිහැටියේ රැකියාව නොමැතිව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් තමාට සහ තම පවුලේ අයට කල අපහාසයට මෙම අපරාධය සිදුකළ අය වන්දිගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා

රිෆා මහතා විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,