රුපියල් 5000 ලබාදෙන දිනය ප්‍රකාශයට පත්කෙරේ

0

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිව් වැනි වරටත් රුපියල් 5000/= දීමනාව ලබාදීම හෙට (02) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රජයේ විවිධ දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල් වෙත සේම පවතින සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපායන් පවත්වාගෙන යා නොහැකි පවුල් වෙත ද මෙම දීමනාව හිමිවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 30 කට ආසන්න මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බව අද (01) බත්තරමුල්ල රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවැසීය.