ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා අවසන් තීරණය බැසිල් අතේ

0
ජනාධිපති අපේක්ෂකයා

ඉදිරි ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට අපේක්ෂකත්වයට සුදුසු යැයි තිදෙනකුගේ නම් ප්‍රකාශ වී ඇති බවද වාර්තා වෙයි.

බැසිල් රාජපක්‍ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් මෙන් ද නාමල් රාජපක්ෂ මහතාද තරුණයෙකු ලෙස ජනාධිපති ධුර අපේක්ෂකත්ව වෙනුවෙන් සුදුසු බවට සාකච්ඡා වී තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ අපේක්ෂකයා බවට පත් කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි තීරණය කිරීමටද හැකියාව ඇති නමුත් ඒ පිළිබඳව මේ වනතෙක් අවසන් තීරණයක් ගැන නැති බවත් සඳහන් වෙයි.

ඒ අනුව මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන වැඩිදුර සාකච්ඡාවලින් පසුව අවසන් තීන්දුවක් දැනුම් දෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.