පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ක්‍රිකට් බෝඩ් එක ඉවත් කරන යෝජනාව ඒකමතිකව සම්මත වෙයි

0
ක්‍රිකට් බෝඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.

ඩොලර් මිලියන පහකට අධික මුදලක් ක්‍රිකට් බෝඩ් එකෙන් හොරාටම වෙන ගිණුමකට දාලා

2018 වසරේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි විය යුතුව තිබූ පළවෙනි වාරික මුදල ඇමරිකානු ඩොලර් මිලියන පහකට අධික මුදලක් වෙනත් බැංකු ගිණුමකට යොමු කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මෙම මුදල් සිංගප්පූරුවේ විශේෂිත ගිණුමක් වෙත බැරව ඇති අතර එම මුදල් ස්වයංක්‍රියවම ඇමරිකාවේ ඇති ගිණුමක් වෙත හුවමාරු වන බවද ඔහු පැවසීය.

අදාළ මුදල මේ වන තෙක් ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණියේද නැද්ද යන්න මෙතෙක් කිසිවෙකු නොදන්නා බවද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

විදේශ බැංකු ගිණුම් තුනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් මහ බැංකුවේ අනුමැතියකින් තොරව තැන්පත් කර ඇති බව ද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.