රාජිත සේනාරත්න සහ සුගීශ්වර බණ්ඩාර රහස් කතාවක

0
සුගීශ්වර බණ්ඩාර

මහියංගනය රජමහා විහාරය ආසන්නයේදී වෙඩි වැදීමකට ලක්වූ “සීතා” ඇතින්නගේ සුව දුක් බැලීම සඳහා නව සන්ධාන කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුගීශ්වර බණ්ඩාර මහතා පන්නිපිටිය,පැලන්වත්ත ඇත්ගාලට ගොස් තිබෙනවා.

ඔහු එහි යන විට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද පැමිණ සිටියා.

දෙදෙනා නව සන්ධානය ගැන සුහද කතාබහක නිරතව ඇති බවද වාර්තා වෙනවා.

“අපිටත් පේනවා ලන්සගේ කට්ටිය වැඩක් කරගෙන යනවා,ඔහොම කරගෙන යන්න ඉස්සරහට අලුත් බලවේගයක් තමයි ඕනා’රාජිත සේනාරත්න මහතා සුගිශ්වරත් එක්ක එහෙම කියලා.

ඔව් ඇමතිතුමා වැඩ ටික කරගෙන යනවා,දිස්ත්‍රික්වල හොඳ ප්‍රතිචාරයක් තියනවා“සුගීශ්වර උත්තර දීල.

අපි ඉස්සරහට මේ ගැන කණ්ඩායම එක්ක කතාකරමු“රාජිත යන ගමන් සුගිශ්වරට එහෙම කියගෙනත් ගිහිල්ල.