Home LOCAL ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට හේතුව හෙළිවේ. අද සිට දේහය තිබෙන තැන මෙන්න.

ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට හේතුව හෙළිවේ. අද සිට දේහය තිබෙන තැන මෙන්න.

0
ජැක්සන් ඇන්තනී

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට හේතුව සුෂුම්නාව බිදී යෑමෙන් ඇති වූ සංකූලතා බව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිගමනය කර තිබේ.

ඊයේ දිනයේ දේහය අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන් පවුලේ ඥාතීන් වෙත භාරදෙන අවස්ථාවට පෙර මෙම පරීක්ෂණ සිදු කර තිබේ.

2022 වසරේ ජූනි 22 දින මුහුණදුන් හදිසි අනතුරෙන් පසුව මාස 14කට අධික කාලයක් ප‍්‍රතිකාර ලැබූ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිදු කළ ප්‍රතිකාර සටහන්ද මරණ පරීක්ෂණයට ඉදිරිපත් කර තිබිණි.

ඇන්තනී මහතා රෝහලේදී සිදු කළ ප්‍රතිකාර සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පවුලේ ඥාතීන් දැනුවත් කර තිබේ

ජැක්සන් ඇන්තනී

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට සිදුවූයේ මරණීය අනතුරක් නොවන බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සඳහන් කරයි.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට සිදු කරන ලද පළමු ශල්‍ය ශල්‍යකර්මයෙන් පසුව ඔහු කතාබහ සිදු කල නමුත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි අපහැදිලි බව ද හෙතෙම කියා සිටී.

මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇති බවත් වෛද්‍යවරුන් මේ පිළිබඳව පැහැදිලි කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ජැක්සන් ඇන්තනි මහතාට මෙම හදිසි අනතුර සිදු වූයේ තමන්ගේ සිංහබාහු චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමින් සිටියදී බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ ජැක්සන් ඇන්තනි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත නිවසට

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර  තිබූ  දේහය ඊයේ (10) රාත්‍රී නිවසට රැගෙන ආවේය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතය.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණි.

දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණේ කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, “ජයරත්න Respect Home” ස්ථානයේය.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා  කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින් සහ මහ සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම ජැක්සන් ඇන්තනී මහතාට ආදරය කළ ප්‍රේක්ෂකයින්ද පැමිණියේය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද (11) සහ හෙට දෙදින ඔහුගේ නිවසෙහි තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය.