
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර හමුවක් (25) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
එහි දී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදු විය.
එහි දී විශේෂයෙන් වත්මන් රජය විසින් ජාත්යන්තර මූල්ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන් රජය දේශීය ණය ප්රතිව්යුහගත කිරීම හරහා මෙරට වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට සිදු කර ඇති බලපෑමත් සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැමිණ සිටි පිරිස දැනුවත් කර සිටියේය.
එසේම සජබ රජයක් යටතේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළැඹ ඒ තුළින් රට ගොඩ ගැනීමේ ක්රමෝපානයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මෙහි දී පැවසීය.
මේ අවස්ථාවට ජාත්යන්තර මූල්ය අරමුදල නියෝජනය කරමින් Mr. Peter Breuer (Senior. Mission Chief), Ms. Katya Svirydzenka (Dep. Mission Chief), Dr. Sarwat Jahan (IMF Resident Representative), Ms. Manavee Abeyawickrama – (Local Economist), Lan Huong Vu (Communications Dept.) පිරිසක් එක් විය.
එසේම සමගි ජන බලවේග සන්ධානය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, වේලුකුමාර, නාලක ගොඩහේවා සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්රීවරුන් ද එක්ව සිටියේය.