මෛත්‍රීපාල සිරිසේන ට මහින්ද රාජපක්ෂගෙන් දුරකතන ඇමතුමක්

0
මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රීලනිප සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 72 වැනි උපන්දිනය ඊයේට (03) යෙදී තිබුනු අතර උදෑසනම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුභ පැතුම් එක්කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරය අදට යෙදී තිබීමද විශේෂත්වයක්.

සංවත්සර උත්සවය මිට පෙර පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ආසනය වන හෙට්ටිපොල ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබු අතර අරාධනා පත්‍ර බෙදා අවසන් කර තිබියදී එය හදිසියේම කොළඹට රැගෙන ඒමට පසුව කටයුතු කළා.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා සමග දීර්ඝ කාලයක් අමනාපව සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද මෙවර සංවත්සර උත්සවයට පැමිණීමට නියමිත අතර කලක් පක්ෂයේ සභාපති තනතුර දරූ මහින්ද රාජපක්ෂ මහතාට මේ සඳහා ආරාධනා කර නැහැ.

දේශපාලන වාර්තාකරු