හිටපු ජනපති මහින්ද ගෙන් විදුලි බල මණ්ඩලයට ලක්ෂ 28 ක පොල්ලක්

1
හිටපු ජනපති මහින්ද

 

2019-09-12 සිට 09-15 දක්වා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටියේ පිහිටි තම නිවසට පැමිණෙන අවස්ථාවක එම නිවසට අවශ්‍ය ආරක්ෂක පහන් සහ විදුලි ජනක යන්ත්‍ර යෙදවීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයවියයුතු 2682246.57 ක හිඟ මුදල ගෙවන ලෙස කිහිපවතාවක්ම ඉල්ලා සිටිය මුත් මෙතෙක් ගෙවා නොමැති බව විදුලිබල මණ්ඩලය දන්වා ඇත.

ජවිපෙ හිටපු මන්ත්‍රී නලීන් හේවගේ මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දකුණු පළාත 01) වෙතින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමකට පිළිතුරු ලෙස යොමුකරන ලද ලිපියක් හරහා මෙම තොරතුරු නිරාවරණය වුනා.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය 2019-09-13 වන දින පැවැත්විණි.

අදාල සම්පූර්ණ ලිපිය පහතින්.

හිටපු ජනපති මහින්ද