නව භාණ්ඩ කිහිපයක් සමගින් 1000 සහන මල්ල නැවතත්

0

නව භාණ්ඩ කිහිපයක් සමඟින් සතොස සහන මල්ල අදියර 2 මැයි දෙවැනිදා සිට ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

සතොස සහන මල්ල-2 වැඩසටහනේ පවතින විශේෂත්වය වශයෙන්, සම්බා සහල් කිලෝවක්, නාඩු සහල් කිලෝවක්, පිටි කිලෝවක්, ඕස්ට්‍රේලියන් රතු පරිප්පු කිලෝ එකක්, තායි හාල්මැස්සන් ග්‍රෑම් 200ක්, සුදු සීනි කිලෝවක්, රජයේ කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිෂ්පාදිත විෂබීජ නාශක දෑත් සෝදන දියර මිලිලීටර් 50ක්, තේ අලෙවි මණ්ඩලයේ සහතිකය සහිත තේ ග්‍රෑම් 100ක්, සෝයා ග්‍රෑම් 50ක්, කෑලි මිරිස් ග්‍රෑම් 100ක් යන භාණ්ඩ වර්ග රුපියල් දහසක මුදලකට දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

රුපියල් දහසක මුදලකට මෙම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගික ජනතාවට ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි පැකට් 1ක් වෙළෙඳපොල පවත්නා මිළට වඩා අඩු මිළකට ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.